0
Hadahana - Rasthiyadu Padanama (Ft. 44 Kalliya & Fill T)
0 0

Hadahana Rasthiyadu Padanama (Ft. 44 Kalliya & Fill T)

На этой странице вы найдете полный текст песни "Hadahana" от Rasthiyadu Padanama (Ft. 44 Kalliya & Fill T). Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.
Hadahana - Rasthiyadu Padanama (Ft. 44 Kalliya & Fill T)
(Smokio)
හඳහනේ නීච ග්‍රහයෝ උච්ඡ වෙලා දැන් ඒකයි මං ඉන්නේ භීෂණෙන්
බොරු හීන වලට මත්වෙලා නෙවෙයි යාළු මං ඉන්නේ මීටරෙන්
බලාගෙන උඹෙ නාට්‍ය දැකලා රත්වෙලා මගේ නහර
ලපයි සිපයි දඟලද්දි පහළ මම ආවා ගලවගෙන වහල
ගත්තා මම සෙල්ලමේ ගැට්ට කඩලා තව්ව ලොකූ කරලා
කට කැපුවත් ඇත්ත විතරයි කිව්වේ නෑ බොරුව ලොකු කරලා
උන් රඟන්නේ කොල්ලන්ට කෙල්ලන්ට බොරු කරලා
මමයි උඹලගේ ලොකුම අපලේ උඹලා අපිවත් හොරු කරලා
මම ගණිනවා සීයට උඹ දෙකට තුනට ගනිද්දී
ඔය තෝරු මෝරු කවුරුත් පදිරි රැල්ළ සැරට වදිද්දී
ඒ කියන්නේ ඔය කවුරුත් පදිරි මං පිටියට බහිද්දී
ආයෙත් කියන්නම් තොපි කවුරුත් පදිරි මං පිටියට බහිද්දී
දෙවියෝ දීපු දෙයක් නෑ හැමදේම ලැබුණේ අපායෙන් (අපායෙන්)
මං ප්‍රධාන චරිතයක් දැන් කතාවේ ස්මෝකියෝ උඹලා ආසම මාතෘකාව කතාවෙන්න
රෝමෙ නම් ඉල්ලන්නේ නම කියපන් මාත් බලන් ඉන්නේ සතා වෙන්න

(K-Mac)
හඳහන ඕන නෑ මූණ බලලා කියන්නම් අනාගතේ
පිළියන්දල තමයි සුපිරි වැඩ්ඩෝ ඉන්නේ මෙහෙනේ පුතේ
කළුනික දෙන්නේ තාමත් වදන් පටන්ගත්තේ දෙදාස්හතේ
තාමත් ඉන්නේ කොලඹ රස්තියාදු තාලේ හිතූ මතේ
බෝඩරේ කොල්ලේ එකට නැමෙන්නෑ කාටවත්ම දෙකට
දෙයියෝ දුන්න මල ඔතාගෙන මම නම් ඉන්නේ සැපට
ලග්නේ කටක දේව ඝණ සුභම අංකේ හතර
අපල කාලෙ ඉවරයි දැන් කවුද කරන්නේ නතර?
ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ ඕනෙම නෑ
සූස්ති පිටියේ සැප දැම්මට විඳවද්දි කවුරුත් එන්නේ නෑ
බොරුවෙන් දුවන ලෝකෙ මමනම් තාමත් ඇත්ත දැක්කේ නෑ
විස දුමෙන් මුලු රටම වැහිලා විසඳුම කවුරුත් දන්නේ නෑ
මිනීමරුවෝ සිල් අරන් හොරු ටික ඉන්නේ වෙස්වලන්
නීතිය ඇයි උඩ බලන්? ලංකාවනම් ඉස්තරම්
පේලි දාසයක් මදි මට කියලා දෙන්න වෙලාව
ඊළඟ පාර දෙන්නේ පේලී සීයක් රස කතාව
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.
Информация
Комментариев пока нет. Вы можете быть первым!
Войти Зарегистрироваться
Войдите в свой аккаунт
И получите новые возможности